FAST NEWS

24×7 Around the Globe

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ දිනයේ දී පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 27,873 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 5,895ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 23,616 දෙනෙකුටත්, එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 766 දෙනෙකුටත් ඊයේ ලබා දී තිබෙනවා.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,959,265ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 9,033,321ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,48,177 දෙනෙකුටත්, මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 782,959කටත් ලබා දී තිබෙනවා.