FAST NEWS

24×7 Around the Globe

වීරකැටියේ වෙඩි තැබීමකින් දරුවෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.