FAST NEWS

24×7 Around the Globe

SLPP තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත බැවින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ රවිනාථ ආර්යසිංහ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එය පුරප්පාඩු වී පැවතිනි.