FAST NEWS

24×7 Around the Globe

නාරාහේන්පිට අත් බෝම්බයක් : විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

එමෙන්ම නාරාහේන්පිට පොලිසියද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් හඳුනාගැනීමට මේ වනවිට සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය සඳහන් කලා.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දගරයක අමුණා පසුව පුපුරායන ලෙසයි මෙම අත්බෝම්බය සකස් කර තිබී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සේවකයෙකු ඇතුලු 03 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.