FAST NEWS

24×7 Around the Globe

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් යළි ආරම්භ කිරිම සඳහා අවධානය යොමු වී ඇති මේ මොහොතේ තම ගැටලු විසඳීමට රජයේ සුදානමක් නොමැති නම්, ගුරු – විදුහල්පති අරගලය පෙරට ගෙන යන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉල්ලීම් දිනාගැනීම සඳහා වෙන අරගලය අවසන් වෙනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදු නො කරන බව ද ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.