FAST NEWS

24×7 Around the Globe

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

අද අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 කිලෝග්‍රෑම් 445ක් බරැති පෙට්ටි තුළ අසුරා තිබුණා.

නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර සිට පළමුව කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මඟින් රැගෙන එනු ලැබූ මෙම එන්නත් තොගය පසුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.