නිරෝධායන නීති කැඩූ 674 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 674 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද(08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින් ය.

පොලීසිය පැවසුවේ, ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 67,342 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(07) දිනය තුළ , බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 890 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළතෙන් පිටවන වාහන 615 ක් ද එම මාර්ග බාධකවලදී පරීක්ෂාවට ලක් කළ බවය.

අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,206 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂාවට ලක්කර ඇති වාහන සංඛ්‍යාව 812 කි.