FAST NEWS

24×7 Around the Globe

රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මියයන විට 68 වන වියේ පසු වුණා.

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මීට දින කිහිපයකට පෙර ඉන් සුවය ලබා සිය නිවස වෙත පැමිණියා.

කෙසේ නමුත්, පෙනහලුවල යළි මතු වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මීට දින 03කට පෙර යළි රෝහල්ගත කෙරුණා.

අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු සුනිල් පෙරේරා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිව්මෝනියා රෝගී තත්ත්වය යි.