FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

මෙවර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සංවත්සර සැමරුම් වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පස්වරු පහට ආරම්භවීමට නියමිතයි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා.