FAST NEWS

24×7 Around the Globe

තවත් සති දෙකක් ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා නම් හොඳයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඊයේ (සැප්. 1) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, එසේ වුව ද සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කරනවා ද යන්න ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරනු ඇති බවය.

එමෙන් ම, තවමත් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවේ නැතැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

“ජනාධිපති කාර්ය සාධක බලකාය බලලා තීන්දු කරයි. මම පුද්ගලික හිතනවා මේක දීර්ඝ කරනවා නම් තව සතියක්, දෙකක් හොඳයි මොකද රෝගීන්ගේ වැඩි වීම, රෝග වැඩි වීම තාම අඩු වෙලා නැහැ.

මහාචාර්ය නීලිකා මලෙවිගේ කරපු පර්යේෂණයක්, ජනවාරි මාසයේ එතුමිය කියලා තිබුණා පී.සී.ආර්. ඒ වෙනකොට සියයට 14ක් කොළඹ නගර සභාව ඇතුළේ පොසිටිව් වෙලා තිබුණා. හැබැයි නව ගුණයක් පොසිටිව් වෙච්ච අය සමාජයේ හිටියා කියලා. ඉතින් ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය එක්ක නව ගුණය නෙමෙයි, ඊට වඩා වැඩි ඇති. දළ වශයෙන් 5,000ක් විතර වාර්තා වෙනකොට 50,000ක් විතර රෝගීන් ඉන්න පුළුවන්. ඒ තර්කය අනුව මං හිතන්නේ, ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.

ඒ නිසා මම හිතනවා තව සතියක්, සති දෙකක් විතර සංචරණ සීමා පැනෙව්වොත් යම්තාක් දුරකට මේ පැතිරීම පාලනය කරන ගන්න පුළුවන්.”