FAST NEWS

24×7 Around the Globe

රු.2,000 දීමනාව සඳහා සුදුසුකම් ලැබූවන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ සුදුසුකම් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 දීමනාව ලබාදී අවසන් බවයි.