FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල ඉහල යාම සහ කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක හේතුවෙන් කුලී රථ රියදුරන් පිඩාවට [වීඩියෝ]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය වියාප්තියත් සමග ගන්නාලද සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන රියදුරන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර, මෑතකදී සිදුවූ ඉන්ධන මිල ගණන් ඉහල යාමත් සමඟ ඔවුන් තවත් අපහසුතාවයට පත්විය.

ඇතැමුන් හට බැංකු හා ලීසිං සමාගම් වෙත ගෙවිය යුතු වාහනයේ ණය සහ කල්බදු වාරික පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

කුලී රථ රියදුරන් රජයෙන් ඉල්ලා සිටියේ තම ආදායම වැඩි කර ගැනීමට සහ බැංකු වලට සිය මූල්‍ය වගකීම් ගෙවීමට හැකි වන පරිදි ප්‍රවාහන ගාස්තු වැඩි කරදෙන ලෙසයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය