උතුරු හා නැගෙනහිර පළාත්වල හර්තාලයක් පැවැත්වේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් මෙම හර්තාලය පැවැත්වෙන බව ය.
අප වාර්තාකරු පැවසුවේ, උතුරු හා නැගෙනහිර පළාත්වල වෙළෙඳ සල් වසා දමා දෛනික කටයුතු අඩාල වී ඇති බව ය.







