FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී දැනට පවතින නිරෝධායනඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි ජනතාව හදවතින් නො පිළිපදින බවයි.