FAST NEWS

24×7 Around the Globe

කොටි සැමරීමට බ්‍රීතාන්‍ය රජයෙන් අවසර.

මියගිය LTTE ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා බ්‍රිතාන්‍ය එරට රජය අවසර දී ඇතැයි වාර්තා වේ.

නොවැම්බර් 27 වැනි දා ලන්ඩන් නුවර ඩෙට්‌ඩ්ලි මධ්‍යස්‌ථානයේ දී කොටි සමරුව පැවැත් වේ.

බ්‍රිතාන්‍ය තුළ තහනම් කර ඇති LTTE සංවිධානයට මෙම සැමරුම සිදු කිරීමට ඉඩ දී ඇත්තේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීම් මතයි.

මීට අමතර ව මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වල පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ‌ද එදිනම ලන්ඩන් නුවර කැන්ලේ ප්‍රජා මධ්‍යස්‌ථානයේ දී පැවැත් වේ.