FAST NEWS

24×7 Around the Globe

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ වැඩිම උද්ධමනයක් පසුගිය මාසයේදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව පසුගිය ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වේ.

එය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.7ක ඉහළයෑමකි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.