FAST NEWS

24×7 Around the Globe

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එම තත්ත්වය මත පදනම්ව, ඩිජිටල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.