FAST NEWS

24×7 Around the Globe

ලිංගික බෙලහිනතාවයට සරළ විසදුමක් මෙන්න

කෝපි බොන අයට මෙන්න හොඳ ආරංචියක්. දවසට කෝපි කෝප්ප දෙකක්වත් බොන්න පුරුදු වෙලා ඉන්න පිරිමි අයට ලිංගිකබෙලහිනතාවයන් ඇති වෙන්නට ඇති ඉඩ කඩ ඉතා අඩු බව සොයා ගෙන තිබෙනවා.

කෝපි වල වගේම තේ වලත් කැෆේන් අඩංගුයි.කෝපි වල ඇති කැෆේන් ප්‍රමානය වැඩියි. මේ කැෆේන් තමයි මේ සඳහා හේතුව වන්නේ.

විද්‍යාඥයින් පවසන ආකාරයට දවසකට කැෆේන් මිලි ග්‍රෑම් 85 ත් 170 ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා පිරිමි අයට ලිංගික බෙලහිනතා ඇති වීමේ අවදානම 42% කින් අඩු වන අතර කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 100ක් 140ක් අතර ප්‍රමාණයක් තිබෙනවා.

එමෙන්ම ලිංගික බෙලහිනතාවය සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස සැලකෙන්නේ දියවැඩියාව යි. කෝපි වලින් දියවැඩියාව, හෘද රෝග, සමේ පිළිකා තත්ත්ව වැනි බොහෝ රෝග වලට ආවරණයක් දක්වන බවත් සඳහන්.