යුනෙස්කෝ සාමාජික රටවල් අතරින් ඡන්ද 149ක් හෙවත් සියයට 80කට වැඩි ප්‍රතිශතයක් ලබා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් යුනෙස්කෝ මහ සමුළුවේ විධායක මණ්ඩල සාමාජිකත්වයට පත්විය.
ප්‍රංශයේ පැරිස්නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ ඉකුත්දා පැවැති 38 වැනි යුනෙස්කෝ මහ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි විධායක මණ්ඩල සාමාජිකත්වය සඳහා ඇමැතිවරයා තරග කෙළේය.
1968 වසරේ සිට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මේ තනතුර සඳහා ඉදිරිපත්ව ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව මෙය බවත් 2015 – 2019 සිවු වසර සඳහා තේරී පත්වූ සාමාජිකයන් අතර ළාබාලතම පුද්ගලයා වන්නේ ද අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික ක්‍ෂේත්‍රය සඳහා ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව, එම අංශ සඳහා වරින්වර ක්‍රියාත්මක කරන අන්තර්ජාතික පුහුණුවීම් සඳහා අවස්ථාවද යුනෙස්කෝ විධායක සභාවේ නියෝජනයෙන් ශ්‍රී ලංකාවට අත්වන ප්‍රයෝජනයක් බවද අමාත්‍යාංශය කියයි.