FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 267. 66 කින් ඉහළ ගොස් 8507.72 ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොළ ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 96.52 කින් ඉහළ ගොස් 3148. 16ක් ලෙස සටහන් වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොලේ අද දිනයේ කොටස් මිලියන 398 කට වැඩි ප්‍රමාණයක් හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවූවා.