FAST NEWS

24×7 Around the Globe

සඳුදා සිට ගෑස් හිගය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සඳුදා දිනයේ සිට ඉදිරියට කිසිදු හිඟයකින් තොරව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

මේවන විට ලිට්රෝ සමගාම පෙර මිලටම ගෑස් අලෙවි කරන අතර ලාෆ්ස් සමාගම නව මිල යටතේ 20 වනදා සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ගෑස් සමාගම් දෙක තුල නිරීක්ෂණයකට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා එම සමාගම්වල ගබඩා කර ඇති ගෑස් සිලින්ඩර ප්‍රමාණයන් අධ්‍යයනය කිරීමෙන් අනතරුවයි සඳුදා සිට හිඟයකින් තොරව ගෑස් ලබාගත හැකි බවට ප්‍රකාශ කළේ.