FAST NEWS

24×7 Around the Globe

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ලබන 30 වනදා කාලය දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන කටයුතු අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියාගේ දැනුම් දීම මත එම ආයතන වලට පමණක් ශ්‍රීලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.