FAST NEWS

24×7 Around the Globe

ඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් බොහෝ පිරිස් සමාජය තුළ සිටිය හැකි බවටයි.