FAST NEWS

24×7 Around the Globe

ගුරු වැටුප් විෂමතා ගැන අනුකමිටු වාර්තාව හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (18) අමාත්‍ය අනුකමිටුව සමඟ අවසන් වරට සාකච්ඡා කරනු ලැබුවා.