FAST NEWS

24×7 Around the Globe

රැකියා සඳහා බාධාවකින් තොරව පිටත්ව යා හැකියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසරදී තිබෙනවා.

කෙසේනමුත්, රැකියා කරන අයට කිසිදු බාධාවකින් තොරව තම තම රැකියා සඳහා පිටත් විය හැකි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.