FAST NEWS

24×7 Around the Globe

අද ශක්ති ඉන්දියාවට යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් ව ගොස් තිබේ.

මෙරට රෝහල් තුළ සිටින කොවිඩි -19 ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය විසින් ඉන්දියාවෙන් ඔක්සිජන් තොගයක් ඇණවුම් කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව හෙට (18) පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව ඇත.