FAST NEWS

24×7 Around the Globe

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද පෙරවරු 11 ට එය ආරම්භවීමට නියමිත බවයි.

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක නිලධාරින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනු අතර පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබුණේ හෙට සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමටයි.