FAST NEWS

24×7 Around the Globe

”තෙවන මාත්‍රාව දෙන්නත් රජය සූදානම්”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනගහනයෙන් 65%කට 70%කට පමණ කොවිඩ් මර්දන එන්නත්වල මාත්‍රා දෙක ම ලබාදීමෙන් අනතුරුව තෙවන මාත්‍රාව ජනතාවට දීමට රජය සූදානම් බවත් එම එන්නත් ඇණවුම් කිරීමට සහ ඊට මුදල් වෙන්කිරීමට අවශ්‍ය කටයුතු රජය කරගෙන යන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  ප්‍රකාශ කළාය.

තෙවන මාත්‍රාව දීමට පෙර එන්නත් කළ යුතු සියලු පුද්ගලයන් එන්නත් කිරීම වඩා වැදගත් බවත් එසේ නොකොට තෙවන මාත්‍රාව ලබාදීම ඵලදායි නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

මෙරට තෙවන මාත්‍රාව දීම ආරම්භ කරන්නේ සෞඛ්‍ය අතින් දුර්වල පිරිස්වලට මෙන් ම කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා මුල්වී කටයුතු කරන සෞඛ්‍ය අංශවල මෙන් ම ආරක්ෂක අංශවල සාමාජිකයන්ට බව ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.