FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනූව ලබන අගහරුවාදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාධනය වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සදහා අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.