FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති කැඩූ තවත් 130 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුලදීත් පුද්ගලයින් 130 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 53,701 ක් පමණ වන බවයි.

මේ අතර බස්නාහිර පළාතේ පළාත් සීමා හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 6498 දෙනෙක් පරීක්ෂාවට ලක්වී ඇති අතර ඔවුන් අතරින් 97 දෙනෙක්ට දැඩිව අවවාද කරමින් නැවත හරවා යවා තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.