FAST NEWS

24×7 Around the Globe

සියලු කඩ සාප්පු වසා හෙට උතුරේ හර්තාල්.

දෙමළ ‘දේශපාලන සිරකරුවන්‘ නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා උතුරු පළාතේ සියලු කඩ සාප්පු ලබන සිකුරාදා (13) වසා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියයි.

දෙමළ දෙසිය දාහත් දෙනකුට පොදු සමාව ලබා නොදෙන්නේ නම් උතුරු පළාතේ දෙමළ ජනතාව රජය කෙරෙහි ජනතාව රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මන්ත්‍රී පැවසීය.

ශ‍්‍රී ලංකාවේ සිරගෙවල් 14ක ව්‍යාජ චෝදනා මත වසර ගණනාවක් තිස්සේ ඊලාම්වාදී දෙමළ ජාතිකයන් රඳවා සිටින බවත් උපවාසයේ නිරතව සිටින ඔවුන් නිදහස් කළයුතු බවත් වයිකෝ ද පවසා තිබිණි.

මේ අය නිදහස් කරන ලෙස නොවැම්බර් 13 වැනිදා ශ‍්‍රී ලංකාවේ මහා වැඩවර්ජනයක් ඇති කරන මෙන් දෙමළ සංවිධානවලින් ඉල්ලා සිටින බව ද වයිකෝ වැඩිදුරටත් කියා තිබේ.