
නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (05) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 53,266 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.