FAST NEWS

24×7 Around the Globe

KP පිළිබඳ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක්.

හිටපු LTTE නායකයෙකු වන කුමරන් පද්මනාදන් හෙවත් KP පිළිබඳ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් සිදු කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම දැණුම් දීම කරනු ලැබූයේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ගොණු කර ඇති රිට් ආඥා පෙත්සම අද දින (12) විභාගයට ගත් අවස්ථාවේදී ය.

KP අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රිට් ආඥා පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ඔහුට එරෙහි චෝදනා 193ක් පිළිබඳව එම පෙත්සමේ සඳහන්ව ඇත.

එම චෝදනාවලින් 48ක් සම්බන්ධව KP සැකකරුවෙකු ලෙස සලකා කිසිදු පරීක්ෂණයක් මේ වනවිට සිදු නොවන බව තහවුරු වී ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනා සම්බන්ධව සියළුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් වාර්තා ලබාගත් බවයි.