අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අද ආරම්භ කෙරෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මධ්‍යස්ථාන 5 කදී ලබාදීම අද පෙරවරු 8.30 සිට ආරම්භ කරන බවයි.

අවුරුදු 60 ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී ලබාදීම සිදු කෙරෙනවා.