2016 වසර සඳහා පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වෙනුවෙන් වවුචර ක්‍රමයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා නොදෙන අතර ඒ සඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත.
එය ලබාදෙන ආකාර පිළිබඳව සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යපන අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම නව ක්‍රමවේදය අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
පාසල් නිල ඇඳුම් ලබාදීමේදී එම රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමිතියෙන් යුත් රෙදි මිලදී ගෙන ඇතැම් විට එම මුදලින්ම නිල ඇඳුම මසා ගැනීමට හැකිවන පරිදි මෙම වවුචරය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.







