FAST NEWS

24×7 Around the Globe

ඇමති විමල් ස්වයං නිරෝධායන‍යේ

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

ආසාදිතයන් ලෙස හඳුනාගත් නිලධාරීන්ගේ ආශ්‍රිතයෙක් වූ බැවිනුත් සමාජ වගකීමක් ලෙසත් සලකා තමා අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශයේ තම අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට ලක්කර එය ද දින 14ක් එම වසා ඇතැයි ඇමතිවරයා කීවේය.

අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉන් සේවා ලබාගන්නා අයගෙන් තමා ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහු පැමිණ ඇමතිවරයාගේ නිවසේ ගේට්ටුවේ නිරෝධායනයට ලක්වන නිවසක් බවට වන දැන්වීමක් ද අලවා ඇත.

තමන් නිරෝධායනයට ලක්වන බවට ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් යොදා ඇත.