සමරිසියන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ඉටු කළ මෙහෙවර ගැන ප්‍රසාදයට ලක් වී සිටින අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලොව ප්‍රකට සමරිසි සඟරාවක් වන අවුට් හි කවරයකට පෙනී සිට තිබේ.
අමෙරිකා ජනපතිවරයකු සමරිසි සඟරාවක කවරයක් සැරසූ පළමු වතාව මෙය වේ.
මේ නිසා සමානාත්මතාවය සම්බන්ධ සටනට ප්‍රබල ශක්තියක් උදාවී ඇතැයි කතාබහට ලක් වී ඇත. අවුට් සඟරාවේ 100 වැනි කලාපයට මේ පිටකවරය සඳහා ඔබාමා පෙනී සිටින විට ‘‘අපේ ජනපති මිතුරෙක් වීරයෙක් ප්‍රතිරූපයක්’’ යන පාඨයද ඇතිව ය.
කවරයේ පෙනී සිටීමට අමතරව ඔබාමා මෙම සඟරාවේ අභ්‍යන්තරයේ ප්‍රශ්නෝත්තර විශේෂාංගයකට ද සහභාගී වී ඇත.
මෙහිදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සමලිංගිකත්වය වෙනුවෙන් විවෘතව පෙනී සිටින මුල්ම අමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තමන් දකින පරිදි තම දූවරුන් දෙදෙනා නියෝජනය කරන්නේ වරප්‍රසාද නොලද්දන් කෙරෙහි වරප්‍රසාද ලබාදෙන නව පරම්පරාවට බවයි.








