FAST NEWS

24×7 Around the Globe

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඊයේ (ජූලි 25) රාත්‍රියේදී අදාළ අනතුර සිදුව ඇති බවය.

ඇය තම මෝටර් රථයෙන් මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියදී නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, අදාළ තරුණයාගේ උරහිස ප්‍රදේශය තුවාල වී ඇති බවය.

ඒ අනුව, සැකකාරිය අද (ජූලි 26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.