FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ඒ අනුව, ලබන 27 වනදා දක්වා එම සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණා.