FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටටම එක නීතියක් හදන්න අධිකරණ ඇමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.