මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දින 03 ක සංචාරයක් සදහා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුලු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ කාර්ය බභාර නිලධාරීවරයා සඳහන් කලේ පෙරවරු 11.30 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් දිවයිනට ළගාවූ බවයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු ද මෙම සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

මෙම පිරිස ලබන 23 වන දින සිය සංචාරය නිමා කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.