FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ නොවැම්බර් 15 වනදා සිට උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.

දෙසැම්බර් 10 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.