FAST NEWS

24×7 Around the Globe

දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක් දිනයකදී ශ්‍රී ලංකාව තුළ භාවිත කල වැඩිම කොවිඩ් මාත්‍රා සංඛ්‍යාව ඊයේ (14) දිනයේදී සටහන්වී ඇත.

ඒ අනුව ඊයේ දිනයේදි එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 84, 763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 38, 572 කට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,410 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 3365 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7416 ක් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.