FAST NEWS

24×7 Around the Globe

සයිනොෆාම් මාත්‍රා මි. 2 ක් 22 වැනිදා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් ලැබීමත් සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් වේගවත් කළ හැකි බවයි.