FAST NEWS

24×7 Around the Globe

ඌව පාසල් ගුරුවරුන්ට ජංගම දුරකථන තහනමක්.

ඌව පළාතේ පාසල්වල ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා වියලුව තල්දෙන නවෝද්‍යා මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරමින් ඊයේ (10දා) පැවසීය.

“ලබන ජනවාරියේ සිට ඌව පළාතේ පාසල්වල ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර අදාළ චක්‍රලේඛය පාසල්වලට යවන්න මම අධ්‍යාපන ලේකම්ට හා අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නා.

ගුරවරුන් රැගෙන එන තම ජංගම දුරකථන පාසල ආරම්භයේදී විදුහල්පතිවරයාට බාරදී පාසල අවසානයේ ගෙදර යනවිට ඉල්ලාගෙන යා හැකියි. ඒ කාලය තුළ එන පණිවුඩ තියෙනවා නම් විදුහල්පතිගේ අංකයට කතා කර පණිවුඩය දිය හැකියි.”