FAST NEWS

24×7 Around the Globe

තවදුරටත් ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බව ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු –විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

වෘත්තීය සමිති පවසන්නේ, ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (14) ත් ක්‍රියාත්මක බවයි.

පෙරේදා උදෑසන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙනයාමට විරෝධය පළ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.