FAST NEWS

24×7 Around the Globe

ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කාබනික පොහොර නිපදවා සිය ගොවිතැන්වලට භාවිත කරන ගොවින්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දිරි දිමනාවක් ලබාදිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

හෙක්ටයාර් 02 ක් (අක්කර 05) නොඉක්මවන පරිදි මෙම දිරිදිමනාව ලබාදෙනු ඇති.

2021, 2022 මහ කන්නයේ හෙක්ටායාර් අට ලක්ෂයක පමණ වී වගා කෙරෙන අතර කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ මග පෙන්වීම මත ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම මෙම තීරණයේ අරමුණයි.