FAST NEWS

24×7 Around the Globe

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරුවරුන් විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අද (13) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායනය කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කැඳවනු ලැබීය.

ඒ අනුව, වෘත්තීය සමිති 14 කට අනුයුක්ත ගුරුවරුන් අන්තර්ජාලය හරහා ඉගැන්වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.