FAST NEWS

24×7 Around the Globe

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 2 ක් චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එය මේ දක්වා මෙරටට එකවර රැගෙන එන වැඩිම එන්නත් තොගය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හෙට උදෑසන (11) අදාළ ගුවන් යානා යළි මෙරටට ළඟා වීමට නියමිතය.