හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු අධිකරණයට කැදවීම සඳහා සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තීන්දුව අනිද්දා ලබාදෙන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න අද (11) ප්‍රකාශ කළේය.
ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංගම බස් රථ යොදාගෙන රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීමට එරෙහිව තිබූ නඩුවක් කැදවූ අවස්ථාවේදියි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගොනු කළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නම් කර තිබුණි.
නඩුව අද කැදවූ අවස්ථාවේදී ශ්‍රී ලංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙම සිද්ධියට වගකිව යුතු බවයි.
ඒ නිසා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නිකුත් කරන ලෙසත් ඒ පිළිබදව මාධ්‍ය හරහා පළ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් නිතිඥයින් ඉල්ලා සිටියේය.







